10 ශ්‍රේණිය - සිංහල මාධ්‍ය ගණිත පන්‍තිය
O/L විභාගයෙන් 60%කට වඩා ආවරණය වන 10 ශ්‍රේණියේ වැදගත්ම ගණිත පාඩම් සරල කෙටි ක්‍රම මඟින්. සජීවී Zoom පන්ති, නිවසටම නොමිලේ එවන මුද්‍රිත නිබන්ධන සහ LMS වීඩියෝ සමඟින් සාමාන්‍ය පෙළට විශිෂ්ට 'A' සාමාර්ථයක් ස්ථිර කරගන්න.
පාඨමාලාව ගැන
අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) ගණිත ප්‍රශ්න පත්‍රයේ ලකුණු ප්‍රමාණයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ 10 ශ්‍රේණිය විෂය නිර්දේශයේ පාඩම් සඳහාය. වීජ ගණිතය, වර්ගජ සමීකරණ, ලඝුගණක, ත්‍රිකෝණමිතිය, සම්භාවිතාව සහ වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතික ප්‍රමේයයන් රැසක් ගැඹුරින් සාකච්ඡා කෙරෙන්නේ මෙම ශ්‍රේණියේදීය.
මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ සාමාන්‍ය පෙළ විභාග ඉලක්කගත ක්‍රමවේද ඔස්සේ, පියවරෙන් පියවර ලකුණු ලබා ගන්නා ආකාරය සහ කෙටි ක්‍රම සිසුන්ට ප්‍රගුණ කරවීම සඳහායි. සතිපතා සජීවී Zoom පන්ති, සෑම මසකම නොමිලේ නිවසටම එවන උසස් තත්ත්වයේ මුද්‍රිත නිබන්ධන සහ 24/7 LMS පටිගත කළ වීඩියෝ පහසුකම සමඟින් දරුවා O/L ‘A’ සාමාර්ථයක් සඳහා සූදානම් කරනු ලැබේ.
ඔබ ඉගෙන ගන්නා දේ
10 ශ්‍රේණිය විෂය නිර්දේශයේ සියලුම ප්‍රධාන ඒකක සහ සිද්ධාන්ත මුල සිට සරලව
වර්ගජ ප්‍රකාශන, සමගාමී සමීකරණ, ලඝුගණක සහ ත්‍රිකෝණමිතික ගැටලු නිවැරදිව හා වේගයෙන් විසඳීම
සාමාන්‍ය පෙළ ජ්‍යාමිතික සාධන ගැටලුවලට බිය නැතිව පියවරෙන් පියවර පිළිතුරු ලිවීම
පසුගිය O/L විභාග ප්‍රශ්න පත්‍ර සහ ප්‍රධාන පාසල් වාර විභාග ප්‍රශ්න විවරණය
විභාග ශාලාවේදී කාල කළමනාකරණය සහ ලකුණු කැපී නොයන පිළිතුරු සැකසීමේ ශිල්පීය ක්‍රම
පාඨමාලා අන්තර්ගතය
පළමු වාරය
- පරිමිතිය
- වර්ගමූලය
- භාග
- ද්විපද ප්‍රකාශන
- අංගසාම්‍යය
- වර්ගඵලය
- වර්ගජ ප්රකාශනවල සාධක
- ත්‍රිකෝණ I
- ත්‍රිකෝණ II
- ප්‍රතිලෝම සමානුපාත
- දත්ත නිරූපණය
- වීජීය ප්රකාශනවල කුඩා පොදු ගුණාකාරය
දෙවන වාරය
- වීජීය භාග
- ප්‍රතිශත
- සමීකරණ
- සමාන්තරාස්‍ර I
- සමාන්තරාස්‍ර II
- කුලක
- ලඝු ගණක I
- ලඝු ගණක II
- ප්‍රස්තාර
- ශීඝ්‍රතාව
- සූත්‍ර
තෙවන වාරය
- සමාන්තර ශ්‍රේඪි
- වීජීය අසමානතා
- සංඛ්‍යාත ව්‍යාප්ති
- වෘත්තයක ජ්‍යා
- නිර්මාණ
- පෘෂ්ඨ වර්ග ඵලය හා පරිමාව
- සම්භාවිතාව
- වෘත්තයක කෝණ
- පරිමාණ රූප
A course by
Shammika Deshan
පාඨමාලාවට ඇතුළත් දෑ
සෑම මසකම නිවසටම නොමිලේ කුරියර් මඟින් ලැබෙන උසස් තත්ත්වයේ මුද්‍රිත නිබන්ධන (Printed Tutes)
සතිපතා පැවැත්වෙන අන්තර්ක්‍රියාකාරී සජීවී Zoom පන්ති
ඕනෑම වේලාවක නැවත නැරඹිය හැකි 24/7 Full HD LMS Video Recordings
ඒකක අවසාන ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ මාසික ඇගයීම් පරීක්ෂණ සාකච්ඡාව
ගණිත ගැටලු සෘජුව ගුරුතුමන්ගෙන් අසා නිරවුල් කරගත හැකි WhatsApp Support පහසුකම
අවශ්‍යතා
9 ශ්‍රේණිය අවසන් කර 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕනෑම සිසුවෙකු වීම
සජීවී පන්ති සහ LMS වීඩියෝ නැරඹීමට ස්මාර්ට් දුරකථනයක්, ටැබ් එකක් හෝ පරිගණකයක්
ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක්
නිබන්ධනවල ලබා දෙන ප්‍රශ්න පත්‍ර සහ අභ්‍යාස නියමිත දිනට සම්පූර්ණ කිරීමේ කැපවීම
මෙම පාඨමාලාව කා සඳහාද?
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (සිංහල මාධ්‍ය) පාසල් සිසුන්
ඉදිරි සාමාන්‍ය පෙළ (O/L) විභාගයෙන් ‘A’ සාමාර්ථයක් ඉලක්ක කරන දරුවන්
ගණිතය ලකුණු අඩු මට්ටමක පවතින, මුල සිට ක්‍රමානුකූලව විෂය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සිසුන්
තම දරුවාට සාමාන්‍ය පෙළ දක්වා වගකීම් සහගත හා පළපුරුදු ගණිත මඟපෙන්වීමක් සොයන දෙමාපියන්