9 ශ්‍රේණිය - සිංහල මාධ්‍ය ගණිත පන්තිය
සාමාන්‍ය පෙළට සෘජුවම බලපාන 9 ශ්‍රේණියේ වැදගත් ගණිත පාඩම් සරල කෙටි ක්‍රම මඟින්. සජීවී Zoom පන්ති, නිවසටම නොමිලේ එවන මුද්‍රිත නිබන්ධන සහ LMS වීඩියෝ සමඟින් විභාගයට ඉහළම ලකුණු ලබාගන්න.
පාඨමාලාව ගැන
9 ශ්‍රේණිය යනු සාමාන්‍ය පෙළ (O/L) විභාග ජයග්‍රහණය තීරණය කෙරෙන ප්‍රධානතම සන්ධිස්ථානයයි. 10 සහ 11 ශ්‍රේණිවල ඉගැන්වෙන ප්‍රධාන වීජ ගණිතය, ත්‍රිකෝණමිතිය, වර්ගජ සමීකරණ සහ ජ්‍යාමිතික ප්‍රමේයයන් බොහොමයක මූලික සිද්ධාන්ත ආරම්භ වන්නේ 9 ශ්රේණියේදීය.
මෙම පාඨමාලාව හරහා සංකීර්ණ ගණිත ගැටලු කටපාඩම් නොකර, තර්කානුකූල පියවර සහ ලකුණු හිමිවන ක්‍රමවේද ඔස්සේ විසඳීමට සිසුන් පුහුණු කෙරේ. සතිපතා සජීවී Zoom පන්ති, සෑම මසකම නිවසටම නොමිලේ එවන උසස් මුද්‍රිත නිබන්ධන සහ 24/7 LMS වීඩියෝ පහසුකම සමඟින් දරුවා පාසල් වාර විභාගවල ඉහළම ලකුණු මට්ටමකට ගෙන ඒම සහතික කරයි.
ඔබ ඉගෙන ගන්නා දේ
9 ශ්‍රේණියේ සියලුම විෂය ඒකක මූලික සිද්ධාන්ත සහ ප්‍රමේයයන් සමඟින් ගැඹුරින්
සාධක සෙවීම, සමගාමී සමීකරණ, පරිමිතිය, වර්ගඵලය සහ ජ්‍යාමිතික සාධන ගැටලු පහසුවෙන් විසඳීම
සාමාන්‍ය පෙළ විභාග රටාවට අනුව ලකුණු කැපී නොයන පිළිතුරු ලිවීමේ ශිල්පීය ක්‍රම
ප්‍රධාන පාසල්වල සහ පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර කල්තියා සාකච්ඡා කර විභාග බිය දුරු කිරීම
සාමාන්‍ය පෙළ ගණිතයට අවශ්‍ය ශක්තිමත් මනෝමික හා තර්කන වේගය ගොඩනැඟීම
පාඨමාලා අන්තර්ගතය
පළමු වාරය
- සංඛ්‍යා රටා
- ද්විමය සංඛ්‍යා
- භාග
- ප්‍රතිශත
- වීජීය ප්‍රකාශන
- වීජීය ප්රකාශනවල සාධක
- ප්රත්යක්ෂ
- සරල රේඛා, සමාන්තර රේඛා ආශ්රිත කෝණ
- ද්‍රව මිනුම්
දෙවන වාරය
- අනුලෝම සමානුපාත
- ඝනකය
- දර්ශක
- වටැයීම හා විද්‍යාත්මක අංකනය
- පථ හා නිර්මාණ
- සමීකරණ
- ත්‍රිකෝණයක කෝණ
- සූත්‍ර
- වෘත්තයක පරිධිය
- පයිතගරස් සම්බන්ධය
- ප්‍රස්තාර
තෙවන වාරය
- අසමානතා
- කුලක
- වර්ගඵලය
- සම්භාවිතාව
- බහු-අස්‍රවල කෝණ
- වීජීය භාග
- පරිමාණ රූප
- දත්ත නිරූපණය හා අර්ථකථනය
A course by
Shammika Deshan
පාඨමාලාවට ඇතුළත් දෑ
සෑම මසකම නිවසටම නොමිලේ කුරියර් මඟින් ලැබෙන උසස් තත්ත්වයේ මුද්‍රිත නිබන්ධන (Printed Tutes)
සතිපතා පැවැත්වෙන අන්තර්ක්‍රියාකාරී සජීවී Zoom පන්ති
ඕනෑම වේලාවක නැවත නැරඹිය හැකි 24/7 Full HD LMS Video Recordings
ඒකක අවසාන ප්‍රශ්න පත්‍ර සහ මාසික වාර විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ගණිත ගැටලු සෘජුව ගුරුතුමන්ගෙන් අසා නිරවුල් කරගත හැකි WhatsApp Support පහසුකම
අවශ්‍යතා
8 ශ්‍රේණිය අවසන් කර 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕනෑම සිසුවෙකු වීම
සජීවී පන්ති සහ LMS වීඩියෝ නැරඹීමට ස්මාර්ට් දුරකථනයක්, ටැබ් එකක් හෝ පරිගණකයක්
ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක්
නිබන්ධනවල ලබා දෙන ගණිත අභ්‍යාස නිසි පරිදි සම්පූර්ණ කිරීමේ කැපවීම
මෙම පාඨමාලාව කා සඳහාද?
9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (සිංහල මාධ්‍ය) පාසල් සිසුන්
පසුගිය වසරවල ගණිතයේ මඟහැරුණු කරුණු හදාගෙන සාමාන්‍ය පෙළට ශක්තිමත් පදනමක් හදාගැනීමට බලාපොරොත්තු වන දරුවන්
පාසල් වාර විභාගවලදී 85+ ඉහළ ලකුණු ලබාගෙන ‘A’ සාමාර්ථයක් ස්ථිර කරගැනීමට කැමති සිසුන්
තම දරුවා සාමාන්‍ය පෙළ සඳහා නිවැරදි මඟපෙන්වීමකින් යුතුව සූදානම් කරවීමට බලාපොරොත්තු වන දෙමාපියන්